Friday, September 16, 2016

ගොළු රැය.




ගොළු රාත්‍රියේ චමත්කාරය
මා ඉදිරියේ නුඹේ බැබළෙන වත.
වසඟ වන පැරණි ගීත
වැළඳගන්නෝය ආත්මය ඒ ඇසිල්ලේම.

තම පිපිහළු නීල මංපෙතේ
හෙමි හෙමීට පසුකර යන්නේය නුඹ,
ගිමන් හරින්නෝය නුඹ මස්තකයේ
නිහිත තාරකා යුගලක්.


අලෙක්සාන්දර් අලෙක්සාන්ද්‍රෝවිච් බ්ලොක්.

1900 ජූනි 13.
අලෙක්සාන්දර් අලෙක්සාන්ද්‍රෝවිච් බ්ලොක්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

3 comments:

  1. "පිපිහලු" "නිහිත" මට අලුත් වචන. තේරුම දැනගන්න පුලුවන්ද?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පිපිහළු යනු සුදුමැලි යන්න වේ. නිහිත යනු ස්ථාවර යන්න වේ

      Delete
    2. ස්තූතියි ඔබට.

      ජයවේවා!!!

      Delete